අපගේ දැක්ම
"රාජ්‍ය ගණන්දීමේ වගකීම සහ යහපාලනය පෙර දැරි කර ගත් රාජ්‍ය අංශයේ මග පෙන්වන්නා වීම."
අපගේ මෙහෙවර
"තිරසාර සංවර්ධනයක් උදෙසා මනා මුල්‍ය කළමනාකරණ සහ රාජ්‍ය සම්පත් ප්‍රශස්ත ලෙස උපයෝජනය කිරිම තහවුරු කරනු වස්, විගණනය මෙහෙයවීම මගින් යහපාලනය සහ රාජ්‍ය ගණන්දීමේ වගකීම ප්‍රවර්ධනය කිරීම."
අපගේ අරමුණු
සම්පත්වල භාරකාරිත්වය පවරනු ලබන ආයතනවල කළමනාකරණයන් හා ඔවුන් හා පවරන ලද ගණන්දීමේ වගකීම ඉටුකර තිබේද යන්න ස්වාධීන පරික්ෂණයක් සිදුකිරිම සහ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යන නමින් හඳුන්වන පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා දෙක රාජ්‍ය ආයතනවල සිදුකරන කාර්යසාධනය පරික්ෂා කිරීමට සහාය වීම.
විගණිත ආයතනවලට ඔවුන්ගේ ගිණුම් කටයුතුභාවය වර්ධනය කර ගැනීමට කළමනාකරණ වාර්තා නිකුත් කිරීම මගින් නිර්දේශ සිදුකර සහාය වීම.
අපේ වටිනාකම්
| විශිෂ්ඨත්වය | |
| නවෝත්පාදනය | |
| නායකත්වය |
